ඔන්න අද වැඩකට ඇති ලිපියක් ලියන්න තමයි ලෑස්තිවෙන්නෙ. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ෆොටො‍ෂොප් මෘදුකාංගයේ මූලික ටූල්ස් හෙවත් යතුරැ සියල්ල පිළිබඳව. මුල සිටම මෙම මෘදුකාංගය ගැන කියලදෙන එක සමහර අයටනම් බෝරින් ඇති. මොකද මේව දැනගන්න දේවල්ද කියල. ඒත් මම මේ හැම දේම කියන්න කල්පනා කලේ මේ මෘදුකාංගය ගැන කිසිවක්ම දන්නෙ නැති අයට ගැටළුවක් වෙයි කියල හිතල. ඒ ගැන මේ මෘදුකාංග සම්බන්ධව දන්න අය මොකුත් හිතන්න එපා. නොදන්න අයට ලොකු හයියක් මේ හැම දේම කියල දෙන එක කියල මම හිතනව. හරි එහෙනම් වැඩි විස්තර නැතිව පටන්ගන්නම් වැඩේ.






ඉස්සෙල්ලම කියන්න ඕනෙ මේ මෘදුකාංගයේ සියළුම වැඩ කිරීම් වලදී මේ ටූල් බොක්ස් එක හෙවත් යතුරැ පෙට්ටිය වඩා වැදගත් තැනක් ගන්නව. මොකද මෙය නොමැතිව කිසිම වැඩක් කරගත නොහැකිකම. ගොඩක් මෘදුකාංග වල අනිවාර්යෙන් දකින්න පුළුවන් මේ යතුරැ පෙට්ටිය. ඔයාලට අත්දැකීම් ඇතිනෙ. ඉතිං අපි දැන් යතුරැ එකිනෙක වෙන වෙනම හඳුනාගනිමු.



01. Marquee Tool - මාර්කියු යතුර
මෙම යතුර බාවිතා කරන්නේ යම් පිංතූරයක යම් සිලෙක්ෂන් එකක් හෙවත් ප්‍රදේශයක් තොරාගැනීමටය. මෙය විවිධ කටයුතු වලදී යෙදා ගනී. මෙහි Shortcut එක වන්නේ M කී එකයි. කී බෝඩ් එකේ M කී එක බාවිතයෙන් මෙම ටූලය ඉක්මනින් ක්‍රියාත්මක කරගත හැහි වේ. ෆොටෝෂොප් මෘදුකාංගයේ මෙන්න අනෙකුත් සෑම මෘදුකාංගයකමද Shortcuts බාවිතා කිරීම වඩාත් පහසු වේ.


02. Move Tool - මූ යතුර
මෙම යතුර භාවිතයෙන් යම් ලේයර් එකක් යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගෙන යාම සිදු කරයි. මෙහි මූලික කාර්ය වන්නේ එයයි. මෙහි Shortcut එක වන්නේ V කී එකයි


03. Lasso Tool - ලැසෝ යතුර
මෙම යතුර මගින් යම් සිලෙක්ෂන් එකක් (ප්‍රදේශයක්) අපට අවශ්‍ය පරිදි ඇඳ ගැනීම කළ හැකි වේ. මෙහි වර්ග කිහිපක් ඇත. බාවිතා කර ඒවාගේ වෙනස හඳුනාගන්න. මෙහි Shortcut එක වන්නේ L කී එකයි.


04. Magic Wand Tool - මැජික් වැන්ඩ් යතුර
මෙම යතුර මගින් යම් සිලෙක්ෂන් එකක් යම් එකම පාටකට අනුරෑපව යම් ප්‍රදේශයක් සිලෙක්ට් වීම සිදු වේ. මෙය වඩා වැදගත් වන්නේ තනි පාටක් සහිත ෆොටෝස් වලින් යම් රෑපයක් වෙන් කරගැනීමට පහසුවෙන් හැකිවේ. මෙහිද තවත් උප යතුරැ ඇත. බාවිතා කර වෙනස හඳුනාගන්න. මෙහි Shortcut කී එක වන්නේ W කී එකයි.


05. Crop Tool - ක්‍රොප් යතුර
මෙමගින් යම් පිංතූරයක අවශ්‍ය කොටසක් පහසුවෙන් වෙන් කරගත හැක. මෙහි අවශ්‍ය ප්‍රමාණය හා රෙසලූෂන් ප්‍රමාණය ලබා දී යම් පිංතූරයකින් කොටසක් වෙන් කරගත හැක. මෙහි Shortcut කී එ5ක වන්නේ C කී එකයි.


06. Slice Tool - ස්ලයිස් යතුර
මෙය වෙබ් අඩවි නිර්මාණයේදී යොදා ගන්නා ටූල් එකකි. මෙහි Shortcut කී එක වන්නේ K කී එකයි.


07‍. Healing Brush - හි(අ)ලින් බ්‍රෂ් ටූල්
මෙය ඉතා වැදගත් යතුරකි. මෙමගින් සිදුවන්නේ යම් පළුදු වූ පිංතූරයක් නැවත යතා තත්වයට පත් කිරීම සඳහා පැච් දමීමයි. එනම් පිංතූරයේ හොඳ ස්ථානයකින් ගෙන පළුදු වු ප්‍රදේශය පිරවීමයි. මෙහි උප යතුරැ කිහිපයක් ඇත. බාවිතා කර බලන්න. ගැටළුවක් ඇත්නම් අසා දැනගන්න. මෙහි Shortcut කී එක වන්නේ j කී එකයි.


08. Brush Tool - බ්‍රෂ් ටූල්
මෙය බ්‍රෂ් ටූල් එකයි. මෙමගින් සාමාන්‍ය බ්‍රෂ් එකකින් මෙන් ඇඳීම සිදු කළ හැකිය. මෙහි විවිධ ප්‍රමාණයන්ගෙන් විවිධ හැඩයන්ගෙන් යුතු නිර්මාණ කිරීමට හැකිය. මෙහිද උප යතුරැ දෙකක් පමණ ඇත. Shortcut කී එක වන්නේ B කී එකයි


09. Clone Stamp Tool - ක්ලෝන් ස්ටෑම්ප් ටූල්
මෙමගින් වන්නේද යම් ස්ථානයක ඇති දෙයක් තවත් සථානයකට කොපි කර ගැනීමයි. Healing Brush ටූල් එකෙන් සිදු වූ දෙයට සමාන දෙයක් මෙයින් සිදුවේ. අපට අවශ්‍ය තැනට සුදුසු හා වඩාත් පහසු ටූල් එක තෝරා ගැනීම අප සතු වගකීමකි. මෙහි Shortcut කී එක වන්නේ S කී එකයි.


10. History Brush Tool - හිස්ටෝරි බ්‍රෂ් ටූල්
මෙමගින් සිදු වන්නේ අප යම් වෙනස් කිරීමයට එනම් එඩිට් කිරීමකට බාජනය කළ ප්‍රදේශයක් කලින් තිබූ තත්වයට පත් කරගැනීමට උපකාර වන ටූල් එකකි. උදාහරණයක් ලෙස ගතහොත් යම් පිංතූරයක් බොඳ කිරීමයට ලක් කළ හොත් එම පිංතූරයේ යම් ස්ථානයක් තිබු මුල් පිංතූරයේ ස්භාවයට ගැනීමයි. මෙහි Shortcut කී එක වන්නේ Y කී එකයි.


11. Eraser Tool - ඉරේසර් ටූල්
මෙමගින් සිදුවන්නේ අනෙකුත් මෘදුකාංග වල මෙන්ම යම් පිංතූරයක් හෝ ලේයර් එකක් හෝ කොටසක් මකා දමන ටූලයයි. මේ ගැන වැඩි විස්තර කීමට අවශ්‍ය නෑනෙ. හැමොම වගේ දන්න දෙයක්. මෙහි Shortcut කී එක වන්නේ E කී එකයි.


12. Gradient Tool - ග්‍රේඩියන්ට් ටූල්
මෙමගින් සිදු වන්නේ යම් ලේයර් එකක් හෝ පසුබිම පාට මිශ්‍රණයකින් යුතුව හැඩගස්වා ගැනීමයි. මෙය බාවිතා කර හඳුනාගන්න. අපට අවශ්‍ය වර්ණ සංයේජනයන් ලබා දී මෙය බාවිතා කළ හැක. මෙහි Shortcut කී එක වන්නේ G කී එකයි.


13. Blur Tool - බ්ලර් ටූල්
මෙය යම් පිංතූරයක් හෝ ලේයර් එකක් බොඳ කරගැනීමට බාවිතා කරයි. අප කපා ඉවත් කරගත් පිංතූරයක වටේ බොඳ කිරීම වැනි විවිධ කටයුතු මේ මගින් කළ හැක. මෙහි Shortcut කී එක වන්නේ R කී එකයි.


14. Dodge Tool - ඩොඩ්ජ් ටූල්
මෙම යතුර යොදා ගන්නේ යම් පිංතූරයක සුදු පැහැය හෙවත් Contrast වැඩි කිරීම හා මෙහි ඇති අනිත් උප යතුරෙන් කළු ගතිය වැඩි කිරීම කළ හැක. මෙය මංගල ඡායා රෑප මෙන්ම වෙනත් පිංතූරයක Brightness අඩු වැඩි කර ගැනීම සඳහා මහත් ලෙස උපකාරීවේ. මෙහි Shortcut කී එක වන්නේ O කී එකයි.


15. Path Selection Tool - පාත් සිලෙක්ෂන් ටූල්.
මෙම යතුර මගින් පහත සඳහන් වන පෙනු ටූල් එක මගින් අඳිනු ලබන යම් පාත් එකක හැඩය වෙනස් කර ගැනීමට උපකාරී වන යතුරකි. මෙමගින් අඳිනු ලබන සිලෙක්ෂන් එකක හැඩය පහසුවෙන් වෙනස් කරගත හැක. මෙහි Shortcut කී එක වන්නේ A කී එකයි.


16. Type Tool - ටයිප් ටූල්
මෙය ටෙක්ස්ට් එකක් ටයිප් කිරීම සඳහා යොදාගැනේ. මෙම ටූල් එක මගින් horizontal මෙන්ම Vertical අකාරයෙන් ටෙක්ස්ට් එකක් ටයිප් කළ හැක. මෙහි Shortcut කී එක වන්නේ T කී එකයි.


17. Pen Tool - පෙන් ටූල්
මෙය යම් දෙයක් ඇඳ ගැනීම සඳහා පහසුකම් සපයයි. නමුත් වැඩි පිරිසක් මෙම ටූල් එක යොදා ගන්නේ සිලෙක්ෂන් එකක් ඇඳ යම් පිංතූර කපා ගැනීම වැනි කටයුතු සඳහායි. එය එසේ සිදුවන්නේ ඉහත සඳහන් කළ ලැසෝ ටූල් එකට වඩා පහසුවෙන් පිංතූර කපා ඉවත් කර ගැනීමට පහසු වන නිසාවෙන්ය.මෙහි Shortcut කී එක වන්නේ P කී එකයි.


18. Rectangle Tool - රෙක්ටෑන්ගල් ටූල්.
මෙමගින් යම් යම් හැඩ ඇඳ ගත හැක. රවුම්, කොටු හා වෙනත් එකින් එක ෂේප්ස් ඇඳ ගත හැකිය. මෙහි ඇති කස්ටම් ෂේප් උප ටූල් එක මගින් විවිධ හැඩතල ඉතාමත් පහසුවෙන් ඇඳ ගත හැකිය. මෙහි Shortcut කී එක වන්නේ U කී එකයි.


19. Notes Tool - නොට් ටූල්
මෙය යම් පිංතූරයක් පිළිබඳ යම් සටහනක් තැබීම සඳහා උපයෝගීවේ. මෙහි Shortcut කී එක වන්නේ N කී එකයි.


20. Eyedropper Tool - අයිඩ්‍රොපර් ටූල්
මෙය මගින් පහත සඳහන් වන ෆෝග්‍රවුන්ඩ් කලර් එක වෙනුවට යම් පිංතූරයක තිබෙන යම් කලර් එකක් සිලෙක්ට් කරගත හැකි වේ. මෙය පාට ගැලපීමේදී ඉතාමත් වැදගත් වේ. මෙහි Shortcut කී එක වන්නේ I කී එකයි.


21. Hand Tool - හෑන්ඩ් ටූල්
මෙය යම් පිංතූරයක් එහා මෙහා කර බැලීම සඳහා බාවිතා කරන ටූල් එකයි. මෙහි ක්‍රියාකාරීත්වය අතක මෙන් නිසා මෙම නම ලැබී ඇතැයි විශ්වාස කළ හැකිය. මෙහි Shortcut කී එක වන්නේ H කී එකයි.


22. Zoom Tool - (z)සූම් ටූල්
මෙය යම් පිංතූරයක් විශාල කර බලන ටූල් එකයි. මෙයද වැදගත් යතුරක් වේ. මෙහි Shortcut කී එක වන්නේ Z කී එකයි.


23. Color Box - කලර් බොක්ස්
මේ තමයි මෙම මෘදුකාංගයත් එක්ක වැඩ කරන්න අවශ්‍ය වන පාට හැසිරවීම් කරන්නෙ. මෙහි බොක්ස් දෙකක් දක්නට ලැබෙනව. එහි උඩින් තියෙන්නෙ ෆෝග්‍රවුන්ඩ් කලර් බොක්ස් එක. යටින් තියෙන්නෙ බෑක්ග්‍රවුන්ඩ් කලර් බොක්ස් එක.


මේ ආකාරයෙන් ෆොටොෂොප් මෘදුකාංගයේ මූලික යතුරැ පිළිබඳ හැඳින්විය හැකිය. මේ හැම යතුරක් එක්කම මම කලින් සඳහන් කළ ලිපියේ ඔප්ෂන් බාර් එකෙන් මේ සෑම යතුරකම ඔප්ෂන් සඳහන් වේ. ඒවා එකින් එක හඳුන්වලා දෙන්න අමාරැයි. ඒ නිසා අත්දැකීම් තුලින් තව තවත් දේවල් ඉගෙනගන්න. (කෙලින්ම කියනවනම් කරල බලන්න) මේ යතුරැ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඉදිරි පාඩම් වලදී දැනගන්න අනිවාර්යෙන්ම ලැබෙනව. ඉදිරි ලිපි වලින් මම මෙම මෘදුකාංගයත් එක්ක වැඩ කරන හැටි ඔයාලට කියල දෙන්න හිතාන ඉන්නෙ. දිගටම රැඳී ඉන්න මෙම පාඩම් එක්ක.

මෙම පිංතූරයෙන් දැක්වෙන්නෙ මුල්ම ෆොටෝෂොප් මෘදුකාංග වල සිට මේ දක්වා ටූල් බොක්ස් එක වෙනස් වෙලා තිබෙන ආකාරයයි.


එහෙනම් අදට ඇති. ඉදිරි ලිපිත් එක්ක රැඳී ඉන්න කියල ඉල්ලන ගමන් මම මේ ලිපිය අවසාන කරනව. මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් පහලින් ලියල යන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා හැම දෙයක්ම මගේ ඉදිරි ලිපි ලිවීමට බලපානව. මගේ රැකියාවත් එක්ක වේලාව සීමිතයි. ඉතිං එහෙනම් ඇති.


හැමෝටම ජය....!!!

21 කියවන්නන්ගේ අදහස්:

Keep It Up Bro!

දිගටම ලියන්න....

@Sachin thankz malla

@ගීතික බුලත්සිංහලඅනිවා අනිවා. කොමෙන්ට් එකට තෑන්ක්ස් මචන්

Maxxxxxxxxxxx weldone bro

@shehanithanks shehani. Thnx 4 da comment

good work bro................

@cham
thnx 4 comment aiya... ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව

wooooooooooooooooooow bro carry on..i wish u all the best.....

@NIKEE thnx ma friend... thnx lot

අඩේ අයියෙ උබනන් දෙයියෙක් නෙමේ දේවාලයක් බන්.. මට ෆොටෝශොප් මලපොතේ අකුරක් බෑ බොල.. මේක සිරා.. දිගටම ලියහන්.. ජය

@Hasitha ජයසූරිය හි හි. අනිවා මල්ලා.. දිගටම කියවන්න. ගොඩක්දේවල් ලියන්න හිතාගෙන ඉන්නව.

එල මචං එල... දිගටම ලියමු..

@ගීත් | Geeth ස්තූතියි කොමෙන්ට් එකට මලිලියා...

දිගටම ලියන්න යාළු.නොදන්න අයට අයට හුඟක් දේවල් මේකෙන් ඉගෙන ගන්න පුලුවන්නේ

good Luck malli...
thawath aluth dewal liyanna..
apita egenaganna godak dewal thiyenwa meken

@ayesha මම ගොඩක් දේවල් ලියන්න හිතන් ඉන්නවා, දිගටම කියවන්න යෙහෙලිය, කොමෙන්ට් එකට තෑන්ක්ස්.

@iresha swarrnapali හි හි තැන්කූ තැන්කූ අක්කියා, දිගටම කියවන්න හොඳේ.

thnx........ godak watinawa

පැච් කරන හැටි කියල දෙන්නකො

පැච් යතුර නම් පිස්සු හැදෙනවා. මම ඒක පාවච්චි කලා පැල්ලමක් අයින් කරන්න. අයි කියල වැඩක් නැහැ. මොනවක්වත් තිබුනෙ නැහැ වගේ දැන්.

Post a Comment

මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න අමතක කරන්න එපා

About this blog

මගේ ග්‍රැෆික් ලෝකයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා....!!!

සිංහල භාෂාව

සිංහල බ්ලොග් කියවනය

GMail සාමාජිකයින්

මම ගැන

My photo
Kegalle, Sri Lanka
Im a Graphic designer. From Kegalle

පිටුවේ තත්වය

කවුන්ටරේ

smslån

පැමිණි අය රටවල් අනුව

free counters

◄☼කොපි කරන්න එපා ☼►

Protected by Copyscape Plagiarism Check

ඔබව සාදරයෙන් පිළිගන්නවා...!!!