ඔන්න නව වසරෙ ඉස්සරලම ලිපිය ලියන්නයි සූදානම් වෙන්නෙ. ඉතින් නැවත වාරයක් මේ ලැබුවා වූ අළුත් අවුරැද්ද සුබම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හැමොටම. අද ලෑස්තිවෙන්නෙ ෆොටෝෂොප් මෘදුකාංගයේ මුහුණත හා ටූල්ස් පිළිබඳව හැඳින්වීමක් කරන්න. (මෙම මෘදුකාංගය ගැන කිසිවක් නොදන්න අයට පහසු වෙන්න තමයි මම මෙවැනි ලිපි ලියන්නෙ, මෘදුකාංගය ගැන යමක් දන්න අය වරදවා තේරැම් ගන්න එපා) එහෙනම් වැඩේ පටන් ගන්නම්, මුලින්ම කියන්න ඕනෙ මම බාවිතා කරල තියෙන්නෙ ෆොටෝෂොප් CS3 මෘදුකාංගය කියල. පහත දැක්වෙන පිංතූරයෙ දැක්වෙන්නෙ ෆොටෝෂොප් මෘදුකාංගයෙ ප්‍රධාන මුහුණත. එහි ඉලක්කම් වලින් දැක්වෙන දේවල් පහලින් සඳහන් කරල තියෙනව.
(තේරැම් ගන්න අපහසු තැන් තියෙනවනම් කො‍මෙන්ට් එකකකින් අහන්න)







01. මෙහි අංක එකෙන් දැක්වෙන්නෙ මෙනු බාර් එකයි. එහි ෆයිල්, එඩිට්, ඉමේජ්, ලේයර්, සිලෙක්ට්, ෆිල්ටර්, ඇනලයිසිස්, විව්, වින්ඩෝ, හෙල්ප් යන ටැබ් වලින් සමන්විත වේ.


02. මෙය ඔප්ෂන් බාර් නමින් හැඳින්වේ. මෙය (03) ටූල් බාර් එකෙහි ඇති ටූල්ස් අනුව වෙනස් වන අතර අදාල ටූල් එක මගින් සිදු වන උප කාර්යන් පෙන්නුම් කරයි.


03. මෙය ටූල් පැලට් එකයි. එනම් මෙහි සිදු කරන කටයුතු වලදී නිරන්තරයෙන් යොදා ගන්නා යතුරැ සමූහයයි. (මේ පිළිබඳව වැඩි විස්තර ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)


04. මෙය ඉන්ටර් ෆේස් හෙවත් ෆොටෝෂොප් මුහුණතයි. සියලු වැඩ මෙය මත සිදු කරන අතර මෙම පසු තලයේ පාට අපට අවශ්‍ය අකාරයට වෙනස් කරගත හැක.


මේ විදියට ෆොටෝෂොප් මෘදුකාංගයෙ මූලික මුහුණත හා කොටස් ගැන කිව හැකියි. මීලඟ ලිපියෙන් ටූල් පැලට් එකේ එක් එක් ටූල් එක වෙන වෙනම හඳුන්වන්න බලාපොරොත්තු වෙනව.


හැමොටම ජය එහෙනම්............!!!

3 කියවන්නන්ගේ අදහස්:

එල කිරිz

@Hasitha ජයසූරිය Thnx 4 comment malla

thanx aiya.me blog1 godak vatinawa. digatama karan yanna.all the best

Post a Comment

මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න අමතක කරන්න එපා

About this blog

මගේ ග්‍රැෆික් ලෝකයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා....!!!

සිංහල භාෂාව

සිංහල බ්ලොග් කියවනය

GMail සාමාජිකයින්

මම ගැන

My photo
Kegalle, Sri Lanka
Im a Graphic designer. From Kegalle

පිටුවේ තත්වය

කවුන්ටරේ

smslån

පැමිණි අය රටවල් අනුව

free counters

◄☼කොපි කරන්න එපා ☼►

Protected by Copyscape Plagiarism Check

ඔබව සාදරයෙන් පිළිගන්නවා...!!!