ඔන්න අද වැඩකට ඇති ලිපියක් ලියන්න තමයි ලෑස්තිවෙන්නෙ. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ෆොටොෂොප් මෘදුකාංගයේ මූලික ටූල්ස් හෙවත් යතුරැ සියල්ල පිළිබඳව. මුල සිටම මෙම මෘදුකාංගය ගැන කියලදෙන එක සමහර අයටනම් බෝරින් ඇති. මොකද මේව දැනගන්න දේවල්ද කියල. ඒත් මම මේ හැම දේම කියන්න කල්පනා කලේ මේ මෘදුකාංගය ගැන කිසිවක්ම දන්නෙ නැති අයට ගැටළුවක් වෙයි කියල හිතල. ඒ ගැන මේ මෘදුකාංග සම්බන්ධව දන්න අය මොකුත් හිතන්න එපා. නොදන්න අයට ලොකු හයියක් මේ හැම දේම කියල දෙන එක කියල මම හිතනව. හරි එහෙනම් වැඩි විස්තර නැතිව පටන්ගන්නම් වැඩේ.
ඔන්න නව වසරෙ ඉස්සරලම ලිපිය ලියන්නයි සූදානම් වෙන්නෙ. ඉතින් නැවත වාරයක් මේ ලැබුවා වූ අළුත් අවුරැද්ද සුබම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හැමොටම. අද ලෑස්තිවෙන්නෙ ෆොටෝෂොප් මෘදුකාංගයේ මුහුණත හා ටූල්ස් පිළිබඳව හැඳින්වීමක් කරන්න. (මෙම මෘදුකාංගය ගැන කිසිවක් නොදන්න අයට පහසු වෙන්න තමයි මම මෙවැනි ලිපි ලියන්නෙ, මෘදුකාංගය ගැන යමක් දන්න අය වරදවා තේරැම් ගන්න එපා) එහෙනම් වැඩේ පටන් ගන්නම්, මුලින්ම කියන්න ඕනෙ මම බාවිතා කරල තියෙන්නෙ ෆොටෝෂොප් CS3 මෘදුකාංගය කියල. පහත දැක්වෙන පිංතූරයෙ දැක්වෙන්නෙ ෆොටෝෂොප් මෘදුකාංගයෙ ප්‍රධාන මුහුණත. එහි ඉලක්කම් වලින් දැක්වෙන දේවල් පහලින් සඳහන් කරල තියෙනව.