ෆොටෝෂොප් මෘදුකාංගයේ ඉතිහාසය පිළිබඳව කියල දෙන්න තමයි මම අද ලෑස්තිවෙන්නෙ. ඉතිං මම ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනව මගෙත් එක්ක ඉන්න හැම යාලුවෙකුටම. එහෙනම් වැඩි විස්තර නැතුව පටන් ගන්නම් විස්තරේ කියල දෙන්න.
මෙය ඇඩොබි ආයතනයේ නිෂ්පාදනයකි. මෙම ආයතනය ග්‍රැෆික්කරණය සඳහා තවත් විවිධ මෘදුකාංග රාශියක් නිෂ්පාදනය කරයි. මේ මෘදුකාංගය ප්‍රථමයෙන්ම නිෂ්පාදනය කරල තියෙන්නෙ 1988 වර්ෂයේ තෝමස් කැනොල් (Thomas Knoll) සහ ඔහුගෙ සහෝදරය වන ජෝන් කැනොල් (John Knoll)යන අය විසින්. 1990 වර්ෂයේ තමයි ප්‍රථමයෙන්ම හඳුන්වලා දීල තියෙන්නෙ(ෆොටෝෂොප් 1). මේ මෘදුකාංගයට මුල් කාලයේදී ඉමේජ් ප්‍රෝ (ImagePro) යන නම තමයි භාවිතා වෙලා තියෙන්නෙ. ඊට පසුව තමයි ෆොටෝෂොප් යන නම භාවිතා වෙලා තියෙන්නෙ. ඉතිං යාළුවනේ මේ මෘදුකාංගයත් වෙනත් මෘදුකාංග මෙන්ම ක්‍රමයෙන් යාවත්කාලීන වෙමින් පවතිනව. දැන් මම දන්න තරමින් ෆොටෝෂොප් CS5 තමයි අවසානයට හඳුන්වල දුන්නෙ. මෙම මෘදුකාංගය විශාල මිලකට තමා අලෙවි වෙන්නෙ. (අපිනම් ඉතින් සල්ලි දීල ඔරිජිනල් ගන්නෙ නෑනෙ.. කොහෙන් හරි ක්රැක් කරපු එකක් හොයාගන්නව මිසක්.) මේ ආකාරයට තමයි ෆොටෝෂොප් යාවත්කාලීන වෙලා තියෙන්නෙ
ෆොටොෂොප් 1.0 1990.01
ෆොටොෂොප් 2.0 1991.06
ෆොටොෂොප් 2.5 1992.11
ෆොටොෂොප් 3.0 1994.11
ෆොටොෂොප් 4.0 1996.11
ෆොටොෂොප් 5.0 1998.05
ෆොටොෂොප් 5.5 1999.02
ෆොටොෂොප් 6.0 2000.09
ෆොටෝෂොප් 7.0 2002.03
ෆොටෝෂොප් 8.0 (CS) 2002.03
ෆොටෝෂොප් 9.0 (CS1)2003.11
ෆොටෝෂොප් 10 (CS2)2005.02
ෆොටෝෂොප් 11 (CS3)2007.04
ෆොටෝෂොප් 12 (CS4)
ෆොටෝෂොප් 13 (CS5)
ඉතිං මේ දෙවල් තමයි මේ මෘදුකාංගය ගැන කියන්න තියෙන්නෙ
මම මේ ලිපිය මෙතනින් අවසාන කරනව. ඊ ලඟ ලිපියෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ ෆොටෝෂොප් මෘදුකාංගයත් එක්ක වැඩ කරන හැටි.
ඔයාලට හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න.
හැමෝටම ජය...!!!
Dec
27
2 කියවන්නන්ගේ අදහස්:
-
එල !
මේ ගැන තවත් විස්තර මෙතන තියනව
-
තෑන්ක්ස් මචන්...
Post a Comment
මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න අමතක කරන්න එපා