අදනම් ලෑස්තිවෙන්නෙ නව වසරට සුභපතන්න. මේ නව වසරේ ඔයාල හැමෝම සතුටින් ඉන්න කියල මම ඉල්ලා සිටිනව. ඔයාලගෙ මොකක් හරි වැරැද්දක් තිබුණනම් ඒවත් හදාගෙන පුළුවන් තරම් හොඳින් සතුටින් කාලය ගත කරන්න අධිෂ්ඨාන කරගන්න. කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. එතකොට තමන් හැදෙයි රටත් හැදෙයි. (බණ කිව්ව කියල හිතන්න එපා) ඉතිං මගෙත් එක්ක ඉන්න අය හැමොටමත් යන එක නොයෙන හැම කෙනාටමත් මේ ලබන්නා වූ (2011) නව වසර සාමය සතුට ‍සෞභාග්‍ය පිරි සුබම සුභ නව වසරක් වේවා....!!!




ෆොටෝෂොප් මෘදුකාංගයේ ඉතිහාසය පිළිබඳව කියල දෙන්න තමයි මම අද ලෑස්තිවෙන්නෙ. ඉතිං මම ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනව මගෙත් එක්ක ඉන්න හැම යාලුවෙකුටම. එහෙනම් වැඩි විස්තර නැතුව පටන් ගන්නම් විස්තරේ කියල දෙන්න.


අද 2010 දෙසැම්බර් 25 වෙනිදා... ඒ කියන්නෙ තවත් ආකාරයකින් 2010 නත්තල් දවස... නත්තල් බැතිමතුන් හැමොටම මම සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනව...!!! ඉතිං අද ලිපියෙන් මම ග්‍රැෆික් කරණය පිළිබඳව කියල දෙන්න නෙවයි උත්සාහ කරන්නෙ. 2011 වසරට අදාල දින කැලැන්ඩර් එකක් ඕගොලොන්ට ලබා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. මේ කැලැන්ඩර් එක මම කොරල් සහ ෆොටෝෂොප් මෘදුකාංගය බාවිතා කර නිර්මාණය කරන ලද එකක්. මම නිර්මාණය කරපු නිසා අඩු පාඩු තිබෙන්නට පුලූවන් අනිවාර්යෙන්ම. ඒවගේ තැන් තියෙනවනම් මට කියන්න. තව දෙයක් තියෙනව, මේ කැලැන්ඩර් එකේ නිවාඩු දවස්නම් ලකුණු වෙලා නෑ. (කොටින්ම කියනවනම් මේක ලස්සනට එල්ලන්න මිසක් දින බලන්නනම් භාවිතා කරන්න භාවිතා කරන්න බැරි වෙයි) ඉතිං ඒ ගැන මාත් එක්ක තරහ වෙන්න එපා. මේක ඔයාලට බාගගත කරගන්න පුළුවන් අඟල් 20x30 ප්‍රමාණයෙන් (ඒ සඳහා ලින්ක් එකක් පහළ තියෙනව). ඉතින් මම ඔයාල හැමෝටම සුබම සුබ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනව...!!!


*මෙතනින් බාගන්න*


ජය...!!


මුලින්ම අපි බලමු ග්‍රැෆික් නිර්මාණකරණය සඳහා අපිය යොදාගත හැකි මෘදුකාංග පිළිබඳව. ලංකාවේ පහත මෘදුකාංග වැඩි වශයෙන් යොදාගනී.


01. Adobe Photoshop (7, 8, CS, CS2, CS3, CS4, CS5)
02. Corel Draw (11, 12, X3, X4 සහ X5)
03. Adobe Illustrator
04. Pagemaker


ග්‍රැෆික් කටයුතු වලදී ශ්‍රී ලංකාව තුල මේ මෘදුකාංග තමයි වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ. නමුත් විවිධ රටවල් වල නව පහසුකම් වලින් යුතු විවිධ මෘදුකාංග රාශියක් භාවිතා කරමින් විවිධ නිර්මාණ අංකාර ආකාරයෙන් සිදුකරයි. නමුත් මම වැඩි වශයෙන්ම මගේ නිර්මාණ කටයුතු වලදී ෆොටෝ ෂොප් (photoshop) සහ කොරල් ඩ්‍රෝ (Corel Draw)යන මෘදුකාංග භාවිතා කරයි. මේ දෙකෙන්ද වැඩියෙන්ම භාවිතා කරන්නේ ෆොටෝෂොප් මෘදුකාංගය යැයි මට සිතේ, මෙහි ඇති පහසුව, ෆොටෝ හැසිරවීම, ෆොටෝ EDIT කිරීම, RGB සහ CMYK යන දෙවර්ග‍යෙන්ම ‍පාට හැසිරවීමට හැකි නිසා යන කරැණු නිසා එසේ වන්නට ඇත. ෆොටෝ මුද්‍රණ කටයුතු කරන ආයතන වලද වැඩි වශයෙන්ම යොදාගනු ලබන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි. එම ආයතන වල පාට හැසිර වීම කරන්නේ RGB යන ක්‍රමයටය (RGB හා CMYK පිළිබඳ වැඩි විස්තර ඉදිරි ලිපියකින්). නවීන ක්‍රමයක් වන ඩිජිටල් මුද්‍රණ කටයුතු වලදී RGB සහ CMYK යන දෙකම භාවිතා කරයි.
කොරල් ඩ්‍රෝ මෘදුකාංගයවැඩි වශයෙන්ම යොදාගනු ලබන්නේ ඕෆ්සෙට් මුද්‍රණ කටයුතු සඳහායි. කොරල් මෘදුකාංගය මගින් විවිධ හැඩතල ඇඳීම පහසුවෙන් කළ හැක. එමෙන්ම ඕෆ්සෙට් මුද්‍රණයේදී කරනු ලබන සෙපරේෂන් කටයුතු කිරීමද අපහසුවකින් තෙරව කරගත හැක.
ඉතිං ඔන්න මගෙ ග්‍රැෆික් ලෝකෙන් තොරතුරැ බිඳක්. ඊලඟ ලිපියෙන් ෆොටෝෂොප් මෘදුකාංගය පිළිබඳ ඉතිහාසය වගේම යතුරැ සහ ෆොටෝෂොප් තුල වැඩ කරන ආකාරය පිළිබඳ කියා දීමට බලාපොරොත්තු වෙනව.


ස්තූතියි..




ජය...!!!



මම ඉස්සරල ඉංග්‍රීස් බ්ලොග් එකක් ලිව්වේ. මම ඒ වන විට සිංහල බ්ලොග් ගැන දැනගෙන හිටියෙ නෑ. නමුත් මගේ ගීත් සහෝදරය සමග මම සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදයට සහභාගී උනා (2010.12.19 දින). එදා තමයි මටත් මේ සිංහල බ්ලොග් එකක් ලියන්න ආසාව ඇති උනේ. මම වෘතිමය වශයෙන් ග්‍රෆික් නිර්මාණ කරැවෙක්. ඉතිං මම හිතා ගත්ත සිංහලන් ග්‍රැෆික් ගැන බ්ලොග් එකක් මම දන්න විදියට ලියන්න. ඒකෙ ආරම්භය තමයි මේ. මට හැමෝ‍ගෙම සහයෝගය අවශ්‍යයි. මම දිගටම මේ බ්ලොග් එක ලියන්න ඉන්නෙ (වෙලාව තියෙන වෙලාවට :)) මට හැමෝ‍ගෙම සහයෝගය ලැබෙයි කයල මම හිතනව.


ස්තූතියි..

About this blog

මගේ ග්‍රැෆික් ලෝකයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා....!!!

සිංහල භාෂාව

සිංහල බ්ලොග් කියවනය

GMail සාමාජිකයින්

මම ගැන

My photo
Kegalle, Sri Lanka
Im a Graphic designer. From Kegalle

පිටුවේ තත්වය

කවුන්ටරේ

smslån

පැමිණි අය රටවල් අනුව

free counters

◄☼කොපි කරන්න එපා ☼►

Protected by Copyscape Plagiarism Check

ඔබව සාදරයෙන් පිළිගන්නවා...!!!