මුලින්ම අපි බලමු ග්‍රැෆික් නිර්මාණකරණය සඳහා අපිය යොදාගත හැකි මෘදුකාංග පිළිබඳව. ලංකාවේ පහත මෘදුකාංග වැඩි වශයෙන් යොදාගනී.
01. Adobe Photoshop (7, 8, CS, CS2, CS3, CS4, CS5)
02. Corel Draw (11, 12, X3, X4 සහ X5)
03. Adobe Illustrator
04. Pagemaker
ග්‍රැෆික් කටයුතු වලදී ශ්‍රී ලංකාව තුල මේ මෘදුකාංග තමයි වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ. නමුත් විවිධ රටවල් වල නව පහසුකම් වලින් යුතු විවිධ මෘදුකාංග රාශියක් භාවිතා කරමින් විවිධ නිර්මාණ අංකාර ආකාරයෙන් සිදුකරයි. නමුත් මම වැඩි වශයෙන්ම මගේ නිර්මාණ කටයුතු වලදී ෆොටෝ ෂොප් (photoshop) සහ කොරල් ඩ්‍රෝ (Corel Draw)යන මෘදුකාංග භාවිතා කරයි. මේ දෙකෙන්ද වැඩියෙන්ම භාවිතා කරන්නේ ෆොටෝෂොප් මෘදුකාංගය යැයි මට සිතේ, මෙහි ඇති පහසුව, ෆොටෝ හැසිරවීම, ෆොටෝ EDIT කිරීම, RGB සහ CMYK යන දෙවර්ගයෙන්ම පාට හැසිරවීමට හැකි නිසා යන කරැණු නිසා එසේ වන්නට ඇත. ෆොටෝ මුද්‍රණ කටයුතු කරන ආයතන වලද වැඩි වශයෙන්ම යොදාගනු ලබන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි. එම ආයතන වල පාට හැසිර වීම කරන්නේ RGB යන ක්‍රමයටය (RGB හා CMYK පිළිබඳ වැඩි විස්තර ඉදිරි ලිපියකින්). නවීන ක්‍රමයක් වන ඩිජිටල් මුද්‍රණ කටයුතු වලදී RGB සහ CMYK යන දෙකම භාවිතා කරයි.
කොරල් ඩ්‍රෝ මෘදුකාංගයවැඩි වශයෙන්ම යොදාගනු ලබන්නේ ඕෆ්සෙට් මුද්‍රණ කටයුතු සඳහායි. කොරල් මෘදුකාංගය මගින් විවිධ හැඩතල ඇඳීම පහසුවෙන් කළ හැක. එමෙන්ම ඕෆ්සෙට් මුද්‍රණයේදී කරනු ලබන සෙපරේෂන් කටයුතු කිරීමද අපහසුවකින් තෙරව කරගත හැක.
ඉතිං ඔන්න මගෙ ග්‍රැෆික් ලෝකෙන් තොරතුරැ බිඳක්. ඊලඟ ලිපියෙන් ෆොටෝෂොප් මෘදුකාංගය පිළිබඳ ඉතිහාසය වගේම යතුරැ සහ ෆොටෝෂොප් තුල වැඩ කරන ආකාරය පිළිබඳ කියා දීමට බලාපොරොත්තු වෙනව.
ස්තූතියි..
ජය...!!!
Dec
22
2 කියවන්නන්ගේ අදහස්:
එළ සුපිරි.. දිගමට ලියමු.!
තෑන්කූ මචෝ කොමෙන් එකට...
Post a Comment
මේ ලිපිය ගැන හිතෙන ඕනෙම දෙයක් මෙතන ලියල යන්න අමතක කරන්න එපා