ගොඩක් දවසකට පස්සෙ බ්ලොග් එක මතක් උනා. ඉතිං මේක අමතක වෙන්න ප්‍රධානතම හේතුව තමයි ඔෆිස් එකේ වැඩ වැඩි වීම. ඒ ගැන ගොඩක් කනගාටුවෙන් උනත් කියන්න ඕනෙ... ඇඩ්වර්ටයිසින් කියන්නෙ වැඩ වැඩිවෙන වෙලාවක් කියන්න බැරි දෙයක්නෙ. ඔන්න ඉස්සෙල්ලම පළාත් සභා සහ නගරසභා ඡන්දය ආව. ඒකෙ අවසානය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය. ඉතිං ඒකට වැඩ පටන් ගත්ත ඒත් එක්කම. හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනව මේ ප්‍රමාදය වෙනුවෙන්.





හැමෝටම මේ 2600 සම්බුද්ධත්ව ජයන්තියේ තමන්ගෙ හැම වැරැද්දක්ම හදාගෙන ඉතාමත්හොඳින් ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්න කියල ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා...


ස්තූතියි

ඔන්න අද වැඩකට ඇති ලිපියක් ලියන්න තමයි ලෑස්තිවෙන්නෙ. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ෆොටො‍ෂොප් මෘදුකාංගයේ මූලික ටූල්ස් හෙවත් යතුරැ සියල්ල පිළිබඳව. මුල සිටම මෙම මෘදුකාංගය ගැන කියලදෙන එක සමහර අයටනම් බෝරින් ඇති. මොකද මේව දැනගන්න දේවල්ද කියල. ඒත් මම මේ හැම දේම කියන්න කල්පනා කලේ මේ මෘදුකාංගය ගැන කිසිවක්ම දන්නෙ නැති අයට ගැටළුවක් වෙයි කියල හිතල. ඒ ගැන මේ මෘදුකාංග සම්බන්ධව දන්න අය මොකුත් හිතන්න එපා. නොදන්න අයට ලොකු හයියක් මේ හැම දේම කියල දෙන එක කියල මම හිතනව. හරි එහෙනම් වැඩි විස්තර නැතිව පටන්ගන්නම් වැඩේ.

ඔන්න නව වසරෙ ඉස්සරලම ලිපිය ලියන්නයි සූදානම් වෙන්නෙ. ඉතින් නැවත වාරයක් මේ ලැබුවා වූ අළුත් අවුරැද්ද සුබම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හැමොටම. අද ලෑස්තිවෙන්නෙ ෆොටෝෂොප් මෘදුකාංගයේ මුහුණත හා ටූල්ස් පිළිබඳව හැඳින්වීමක් කරන්න. (මෙම මෘදුකාංගය ගැන කිසිවක් නොදන්න අයට පහසු වෙන්න තමයි මම මෙවැනි ලිපි ලියන්නෙ, මෘදුකාංගය ගැන යමක් දන්න අය වරදවා තේරැම් ගන්න එපා) එහෙනම් වැඩේ පටන් ගන්නම්, මුලින්ම කියන්න ඕනෙ මම බාවිතා කරල තියෙන්නෙ ෆොටෝෂොප් CS3 මෘදුකාංගය කියල. පහත දැක්වෙන පිංතූරයෙ දැක්වෙන්නෙ ෆොටෝෂොප් මෘදුකාංගයෙ ප්‍රධාන මුහුණත. එහි ඉලක්කම් වලින් දැක්වෙන දේවල් පහලින් සඳහන් කරල තියෙනව.


අදනම් ලෑස්තිවෙන්නෙ නව වසරට සුභපතන්න. මේ නව වසරේ ඔයාල හැමෝම සතුටින් ඉන්න කියල මම ඉල්ලා සිටිනව. ඔයාලගෙ මොකක් හරි වැරැද්දක් තිබුණනම් ඒවත් හදාගෙන පුළුවන් තරම් හොඳින් සතුටින් කාලය ගත කරන්න අධිෂ්ඨාන කරගන්න. කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. එතකොට තමන් හැදෙයි රටත් හැදෙයි. (බණ කිව්ව කියල හිතන්න එපා) ඉතිං මගෙත් එක්ක ඉන්න අය හැමොටමත් යන එක නොයෙන හැම කෙනාටමත් මේ ලබන්නා වූ (2011) නව වසර සාමය සතුට ‍සෞභාග්‍ය පිරි සුබම සුභ නව වසරක් වේවා....!!!




ෆොටෝෂොප් මෘදුකාංගයේ ඉතිහාසය පිළිබඳව කියල දෙන්න තමයි මම අද ලෑස්තිවෙන්නෙ. ඉතිං මම ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනව මගෙත් එක්ක ඉන්න හැම යාලුවෙකුටම. එහෙනම් වැඩි විස්තර නැතුව පටන් ගන්නම් විස්තරේ කියල දෙන්න.


අද 2010 දෙසැම්බර් 25 වෙනිදා... ඒ කියන්නෙ තවත් ආකාරයකින් 2010 නත්තල් දවස... නත්තල් බැතිමතුන් හැමොටම මම සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනව...!!! ඉතිං අද ලිපියෙන් මම ග්‍රැෆික් කරණය පිළිබඳව කියල දෙන්න නෙවයි උත්සාහ කරන්නෙ. 2011 වසරට අදාල දින කැලැන්ඩර් එකක් ඕගොලොන්ට ලබා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. මේ කැලැන්ඩර් එක මම කොරල් සහ ෆොටෝෂොප් මෘදුකාංගය බාවිතා කර නිර්මාණය කරන ලද එකක්. මම නිර්මාණය කරපු නිසා අඩු පාඩු තිබෙන්නට පුලූවන් අනිවාර්යෙන්ම. ඒවගේ තැන් තියෙනවනම් මට කියන්න. තව දෙයක් තියෙනව, මේ කැලැන්ඩර් එකේ නිවාඩු දවස්නම් ලකුණු වෙලා නෑ. (කොටින්ම කියනවනම් මේක ලස්සනට එල්ලන්න මිසක් දින බලන්නනම් භාවිතා කරන්න භාවිතා කරන්න බැරි වෙයි) ඉතිං ඒ ගැන මාත් එක්ක තරහ වෙන්න එපා. මේක ඔයාලට බාගගත කරගන්න පුළුවන් අඟල් 20x30 ප්‍රමාණයෙන් (ඒ සඳහා ලින්ක් එකක් පහළ තියෙනව). ඉතින් මම ඔයාල හැමෝටම සුබම සුබ නත්තලක් කියල ප්‍රාර්ථනා කරනව...!!!


*මෙතනින් බාගන්න*


ජය...!!

About this blog

මගේ ග්‍රැෆික් ලෝකයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා....!!!

සිංහල භාෂාව

සිංහල බ්ලොග් කියවනය

GMail සාමාජිකයින්

මම ගැන

My photo
Kegalle, Sri Lanka
Im a Graphic designer. From Kegalle

පිටුවේ තත්වය

කවුන්ටරේ

smslån

පැමිණි අය රටවල් අනුව

free counters

◄☼කොපි කරන්න එපා ☼►

Protected by Copyscape Plagiarism Check

ඔබව සාදරයෙන් පිළිගන්නවා...!!!